‘මමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ දුන්න කෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහතාව අඳුනාගෙන දැන් අවුරුදු 40ක්. කිට්ටු මිත්‍රයෙක්. හැබැයි අපේ මිත්‍රතාවයේ වහල් සම්බන්ධතාවයක් නැහැ. මම වැරැද්දක් කළොත් එතුමා කියනවා. එතුමා වැරැද්දක් කළොත් මම කියනවා.‘ යැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කොළොන්නාව ආසනයේ පැවැති සන්ධාන රැලියකදී පැවසීය.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

