බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංච මහා බලවේගය කියලයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂියකින් තමන්ගේ පක්ෂය ගැන ආඩම්බරයෙන් පංච මහා බලවේගය ගැන කතා කළා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිරිබත්ගොඩදී පැවැසීය.
නමුත් මහන්ද රාජපක්ෂ මහතා මේ පක්ෂයට මොකක්ද කළේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති පංච මහා බලවේගය වෙනුවට කූඩු, එතනෝල්, බාර්, ස්කාගාර, ස්ත්‍රි දුෂක පෙරමුණක් බවට පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයට හිමි තැන නැවත අත්පත්කර ගන්නට නම් මහින්ද රාජපක්ෂගෙන් මේ පක්ෂය බේරා ගත යුතුයි.



