මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය ලැබීමට නියම සුදුස්සා දොස්තර රාජිත සේනාරත්න ඇමැති බවත් රාජපක්ෂ මහතා විශ්‍රාම යන විට ‘බැටන් එක‘ දොස්තර රාජිතට දෙනු ඇති බවත් මධ්‍යම පළාත් සභා ඇමැති උදිත් අනුරාධ මහතා ගලේවෙල ධීවර රැස්වීමකදී පැවැසීය.
රාජිත සේනාරත්න ඇමැති එහි සිටි නමුත් කිසිත් කීවේ නැත.

