මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්‍රීලනිපය එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රීලනිපයේ දැනට බෙදී සිටින කණ්ඩායම් දෙකම එක්ව තරග කළොත් එය එජාපයට පහසුවක් මිස අභියෝගයක් නොවන බවත් එසේ වුවද ශ්‍රීලනිපයේ දැනට බෙදී සිටි කණ්ඩායම් දෙක තෙල් හා ජලය මෙන් කිසිදින ඒකරාශී කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



