‘මහින්ද විදුලි පුටුවෙන් බේරා ගත්තා‘


මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි  විදේශ  අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මහකොමසාරිස් නිකුත් කළ වාර්තාව ලංකාවට වඩාත් සුබවාදි බවත් මෛත්‍රීපාල සිරිසේන -රනිල් වික්‍රමසිංහ සුසංයෝගයෙන් මේ රටේ  ඇති කළ පරිවර්තනාත්මක දේශපාලන සංස්කෘතිය නිසා මාස 8 ඇතුළත ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ලැබුණ බවද සමරවීර  මහතා කීය.

එ්වගේම රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු  ලංකාවේ කිසිම කෙනෙක් හේග් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් හෙතෙම කීය.

DSC_8913 DSC_8934 DSC_8863