‘මහින්ද ලැබූ ලොකු ජයක් ගැන කියයි‘


ලොව ශීඝ්‍රයෙන්ම වර්ධනයවූ සංචාරක පුරවරයන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව අංක එක ස්ථානය කොළඹට ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන් තමා ආඩම්බරයට පත්වන බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් කියයි.

ලෝකයේ ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සමාගමක්වන මාස්ටර්කාඩ් ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. 2009 සිට ගතවූ 5 වසර තුළ 21%කට වඩා වැඩි වර්ධනය සීඑන්එන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය ‘පුදුම එළවන සුලු ජයග්‍රහණයක්‘ ලෙස හඳුන්වාදී තිබූ බවද එම නිවේදනයේ සඳහන්ය.

ආරක්ෂාව හා නගර සංවර්ධන හිටපු ලේකම්ටත් අනෙකුත් නිලධාරීන් හා කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත් ස්තූති කරන රාජපක්ෂ මහතා කොළඹ නගරය තුළ කළ සංවර්ධනය ඉදිරියටත් පවත්වාගෙන යාම වත්මන් රජයේද වගකීම බව කියා සිටියි.