‘මහින්ද රාජ්‍ය සේවය උලා කෑවා‘ - ටිල්වින්


‘අපේ අටේ රාජ්‍ය සේවය විනාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී බව ද, එකල රාජ්‍ය සේවය උලා කෑ බව ද, සමස්ත රාජ්‍ය සේවය පවුලේ බූදලයක් ලෙස පාවිච්චි කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

‘මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ තිබ්බ හැම ඡන්දයකට ලංගම බස් රථ නිකං ගත්තා. සල්ලි ගෙව්වේ නෑ. අනිත්මි ජනාධිපතිවරනෙත් ගත්තා. ලංගමට පොලු තියලා. ලංගම සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරි වුණා. ඩිපෝවල ආදායම නැතිව ගියා. ලංගම විනාශ කිරීමේ පාපයට හවුල් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය.

වරායත් ඒ වගේම තමයි. වරාය සේවකයනුන් ඡන්ද වැඩට ගත්තා.

මහින්ද මහත්තයා මේ දවල්වල ඡන්ද පොරොන්දුවක් දී තිබෙනවා රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000ක් කරන බවට. අපිට නම් මේවා ඇහෙද්දි හිනා යනවා. තමන් පාලනය කළ අවුදුරුදු නවත තුළ රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට සත පහක්වත් එකතු නොකළ නායකයා තමයි දැන් මෙහෙම කියන්නේ.‘  

IMG_7056