‘මහින්ද මැදමුලනේදි පාත්ත ගීයක් ගයයි‘


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත දේශපාලනයට එන්නේ පුනරුත්තාපනය නොවූ පුද්ගලයකු ලෙස බැවින් ඉදිරි මහ මැතිවරණයේ දී ඔහු පරාජය කරන්නට අවශ්‍ය සියලු දේ කරන බව ආචාර්ය දඹර අමිල හිමියෝ අද (02) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

‘මහින්ද බලයට ආවොත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පමණක් නොව මහින්ද පරාජය කිරීමට ඡන්දය දුන් ලක්ෂ හැට තුනටම වතුර බෝතලයේ (පිස්තෝලය) සරණයි.‘  යි ද ඒ හිමියෝ කීහ.

‘ජනවරම පාදා නොදෙනු-මහින්දට යළි ඉඩ නොදෙමු‘ මැයෙන් වෘත්තීය සමිති එකමුතුව , සිවිල් සංවිධාන එකමුතුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කලාකරුවන් පිරිසක් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

ගාමිණී වියන්ගොඩ -

‘2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ ලැබුණු ආධාර තමන්ගේ පෞද්ගලික ගිනුමකට බැර කර ගත් බවට චෝදනා ලැබ සිටි මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස තීන්දුවක් දී, ඔහුට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයාට දඩ ගැසූ සරත් නන්ද සිල්වා ළඟ තියාගෙන හිටපු ජනපති කියනවා අපි නීතියේ අධිපත්‍ය රැක්කා කියා. ඔය සරත් නන්ද සිල්වම තමයි ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ විරෝධී වේදිකාවට නැඟලා කිව්වේ මහින්දට අත්අඩංගුවට නොගන්නා ලෙසට එදා තමන් දුන් තීන්දුව ගැන කණගාටු වන බව හා ජාතියෙන් සමාව ගන්නා බව. මහින්ද වටා එකතු වෙලා ඉන්නේ එකම ජාතියේ පිරිසක්. මහින්දගේ මැදමුලන කතාව ඇහුවාම මට මතක් වුණේ ග්‍රීක දේව කතාවල එන හංස ගීතය.

හංසයා මැරෙන්න ලං වුණාමයි හංස ගීතය කියන්නේ. මං මේ හංස ගීතයක්ද කියා ළං වෙලා බැලුවාම හංසයෙක් නෙමේ මැදමුලනෙදි මේක කිව්වේ පාත්තයෙක්. ඒ පාත්තයා දිහා හොදට බලං ඉන්දි තේරුණේ මෙය ගීතයක් නොවෙයි, අඳෝනාවක් බව.‘

සමන් රත්නප්‍රිය, සුදර්ශන ගුණවර්ධන, සෝමරත්න දිසානායක, දඹර අමිල හිමි, සරත් විජේසූරිය, නිර්මාල් රංජිත් දේවසිරි, ජෝසප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, නීතීඥ ලාල් විජේනායක, ධර්මසිරි බණ්ඩාරනායක, චන්ද්‍රගුප්ත තේනුවර, රාජා උස්වැටකෙයියාව, ගිමිණී වියන්ගොඩ, ජයතිලක බණ්ඩාරනායක, සීතා රංජනී, දීපානි සිල්වා, සෞම්‍ය ලියනගේ, ඩබ්ලිව් ජයසිරි සහ ජයතිලක කම්මැල්ලවීර ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

RDS_4673 RDS_4706