සිය මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ෆෙඩරල් සංකල්පය ඉදිරිපත් කරමින් රට බෙදීමට උත්සාහ කරන බවට මතයක් ජනතාව අතර වැපිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස උත්සාහ කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවූ නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කාර, නීතිඥ ලාල් විජේනායක අද (10) උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපත් පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය ආපස්සට හරවන බව පවසමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එය අසාර්ථක වූ තැන යළිත් ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවද ලාල් විජේනායක මහතා පැවසුවේය.
එසේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගල් ගසන බවට කී පුද්ගලයන්ට නාමයෝජනා දීමෙන් ඔවුන්ගේ තත්ත්වට පෙනී බවත්, මහින්ද ග්‍රහණයෙන් මිදුනු ස්වාධීන අධිකරණයක් සහ පොලීසියක් දැන් රටේ පවතින හෙයින් මෙවැනි පුද්ගලයන්ට එළැඹෙන මහමැතිවරණයේදී ඉඩ නොදිය යුතු බව එම නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා කීවේය.

