චමිල් රුපසිංහ
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලගෙදර ආසනයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා අද(20) නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
එක් වතාවකදී එස් බී දිසානායක, ජී එල් පීරිස් මහතුන් සමග මහින්ද රාජපක්ෂ එහි නායකත්වය ගෙන පක්ෂය හැර යන්නට සිටියත් අවසන් මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර තමන් නොයන පැවසූ බවත් අමාත්‍යවරයා එහිදී කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය අයට කිසි දිනක හරියන්නේ නැති බවත් ඒ කඩාගෙන ගිය පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණන ජයග්‍රහණය කළ බවත් එක් ඇමතිවරයෙක් ඉවත් වූවත් ඒ වෙනුවට විශාල සංඛ්‍යාවක් පැමිණි බවත් අමුණුගම මහතා කීය.
මෙම මැතිවරණ ක්‍රමය තුළ මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ගැනීමට නොහැකි වන බවත් මැතිවරණය අවසානයේ බලය පිහිටුවන්නට තිරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඇමැතිවරයා පැවැසිය.


