තමා හම්බන්තොටින් ජන්දේ ඉල්ලන්නේ නැතිව පැරෂුටයෙන් කුරුණෑගලට ගිහින් කුරුණෑගලට ඡන්දෙත් නැතිව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලෙස පල්ලම් බැස ඇති එකම ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (27) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ රටේ තිබුණු ප්‍රධාන දේශපාලන පක්ෂයක් නමුත් අද පත් වී ඇති තත්ත්වය ගැන හරි කනගාටුයි. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨයන් බලන් ඉන්නවා. විමල් වීරවංශගේ මතයට යට වෙලා. අද සන්ධාන අපේක්ෂකයින් මෑත කාලේ කිසිදු දේශපාලන අපේක්ෂයකුවත් පත් නොවුණ අන්ත අසරණ මැතිවරණ ව්‍යාපාරයකට කොටු වෙලා යනුවෙන් ද අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

