ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්‍ෂ හා කණ්ඩායම් එය සමග එක්විය යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් පමණක් එක් වී ගොඩනගන ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිධූර වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට යන යෝජනාව ව්‍යවස්ථා විරෝධී බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
‘අලූත් පාර්ලිමේන්තුව පළමු වතාවට රැස්වී උදේ පාන්දර හිස් බඩින්ම ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ගේන්නට යනවා’ යැයි කී වීරවංශ මහතා නීතියට පටහැනි එම යෝජනාව විවාදයට නොගන්නැයි පත්වන නව කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
බත්තරමුල්ල, ජයන්ති මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී ඔහු මාධ්‍ය අමතමින් කීවේය.
ලබන සඳුදා ජනාධිපති නිල නිවසේ දී පැවැත්වෙන සන්ධානයේ පක්‍ෂ නායක රැස්වීමටද තමන් සහභාගී වන බව මෙහි දී පැවසූ වීරවංශ මහතා දේශපාලන තත්ත්වය ගැන ජනාධිපති කටයුතු කරන ආකාරය පිළිබඳ තමන්ගේ අදහස එහිදී විවෘතව ප‍්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේ දි නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට තම පක්‍ෂය සක‍්‍රීයව මැදිහත් වන බව ද හෙතෙම ප‍්‍රකාශ කෙළේය.
යුද අපරාධ පිළිබඳ දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර පරීක්‍ෂණයකටත් වඩා බරපතල ගැටලූවක් යැයි කී විමල් වීරවංශ මහතා ඒ ඔස්සේ රණවිරුවන් යුද අධිකරණයකට ගෙනයාමට ජාත්‍යන්තරය උත්සාහ කරන බව ද කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ වීරවංශ මහතා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය
ජාත්‍යන්තර පරීක්‍ෂණයක් මෙන්ම දේශීය පරීක්‍ෂණයකුත් එපා කියනවා නම් වෙනත් යෝජනාවක් තිබෙනවාද?
පිළිතුර
අපේ රටේ නීතියක් තිබෙනවා. පසුගිය කාලයේ සුනිල් කියලා දිගුදුර විහිදුම් බලකායේ සාමාජිකයෙකුට දඬුවම් දුන් නඩුව උදාහරණයකට ගතහැකියි. ඒ තීන්දුවට මම එකඟද නැද්ද කියන දේ පැත්තක තිබ්බොත් එහි වුණේ පැමිණිල්ලක් පිළිබඳ අධිකරණයේ නඩු පවරා තීන්දුව ලබාදීමයි. යුද්ධයේ දි කිසියම් කෙනකුගෙන් සීමාව ඉක්මවා ගිය යමක් සිදුවී ඇත්නම් දඬුවම් දීමට අපේ රටේ නීති පද්ධතිය ප‍්‍රමාණවත්.
නවනීදන් පිල්ලේ වාර්තාවෙනුත් පසුගිය මානව හිමිකම් සමුළු වාර්තාවලිනුත් දේශීය විමර්ශනයක් කරන්න ඉල්ලූවා. ඒවාට අපේ රජය එකඟ නොවූ නිසයි ඒ අය ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ගියේ. ජාත්‍යන්තර විමර්ශනයකින් මොන තීන්දුව ආවත් එය ආරක්‍ෂක මණ්ඩලයේ දී පිටුදකින්න චීනය හා රුසියාව ඉන්න නිසාත් හැම රටක්ම පිළිනොගන්නා නිසාත් අපි බිය විය යුතු නැහැ. ඒත් දැන් ඕනෑ වැඩේ දේශීය පරීක්‍ෂණයෙන් කර දෙන්න හදනවා. මේක එක්සත් ජනපදයේ ජයග‍්‍රහණයක්.
ප‍්‍රශ්නය
විපක්‍ෂනායකධූරය සම්බන්ධයෙන් අදහස කුමක්ද?
පිළිතුර
මේ ගැන අපේ ස්ථාවරය පැහැදිලියි. ජනාධිපති අගමැති හා ඇමති මණ්ඩලය පත් කරනවා නම් ඒ ජනාධීපතිම විපක්‍ෂනායක හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකත් පත් කරනවා නම් කවුරු රටේ ජනාධිපති වුණත් ඒ ආකාරයට පවත්වා ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමක්ද? අපි නම් ලෝකේ කොහේවත් එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, බහුපක්‍ෂ ක‍්‍රමයක් අහලා නැහැ. මේ බහුපක්‍ෂ ක‍්‍රමයේ ජීවගුණය රඳා පවතින්නේ විපක්‍ෂයට විපක්‍ෂය ලෙසත් ආණ්ඩු පක්‍ෂයට ආණ්ඩු පක්‍ෂය ලෙසත් පැවතීමට ඉඩදීමෙනුයි.
විපක්‍ෂනායකධූරය තීරණය කරන්න දිය යුත්තේ විපක්‍ෂයේ ඉන්න මන්ත‍්‍රීවරුන්ටයි. එහෙම නැතිව රටේ ජනාධිපතිවරයා තමන්ට අභිමත ආකාරයෙන් නෙවෙයි. මෙහෙම ගිහින් ජාතික ලැයිස්තුවෙන් ආ පරාජිතයෙක් විපක්‍ෂනායක වෙයිද දන්නෙත් නැහැ.
ප‍්‍රශ්නය
දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂනායකකම ඉල්ලීම ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර
සම්බන්ධන් මහත්තයාට විපක්‍ෂනායකකම දීම ගැන ජනතා විමුක්ති පෙරමුණත් කියා තිබුණා. ඔවුන්ගේ සැබෑ වෙනසක් සිදුවෙලා. කොහොම වුණත් අපි කැමති වුණත් නැතත් විපක්‍ෂයේ ඉතුරුවෙන බහුතර මන්ත‍්‍රීධූර ප‍්‍රමාණයක් දරන කණ්ඩායම ඔවුන් නම් රටේ නීතිය අනුව දෙන්න වෙනවා. ඒත් ශ්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු සැලකිය යුතු පිරිසක් අපි ඉන්නේ විපක්‍ෂයේ කියා කතානායකවරයාට දන්වනවා නම් දෙමළ ජාතික සන්ධානයට ඒ අවස්ථාව අහිමි වෙනවා. තිබෙන සංයුතිය අනුව ඒ තීරණය ගත යුත්තේ කතානායකතුමායි.
ප‍්‍රශ්නය
හිටපු ජනාධිපති දෙවසරකට පෙර ජනාධිපතිවරණය පවත්වා දැන් විපක්‍ෂයේ වාඩිවීමට සිදුවීම ගැන කනගාටුවක් තිබෙනවාද?
පිළිතුර
අපි එතුමාට ප‍්‍රසිද්ධියේ වගේම අප‍්‍රසිද්ධියේත් උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර අපි යෝජනා 12ක් ගෙනල්ලා යම් උත්සාහයක් දැරුවේ මේ අවධානම දුටු නිසයි. මැතිවරණයට කවදා ගියත් ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාත්මක කරලයි යා යුතුව තිබුණේ. අවුරුදු දෙකකට කලින් ගියත්, පස්සේ ගියත් යන්නේ නිකං නම් ඒ ප‍්‍රතිඵලයම තමයි ලැබෙන්නේ. රට බලාපොරොත්තු වූ වෙනස්කම් කරලා ගියා නම් රටේ සංවාදය අලූත් වෙනවා. ඒත් මැතිවරණයට ගියේ ඒ එන්නත විදලා නෙවෙයි. අලූත් එන්නත විදලා ගියා නම් අවුරුදු දෙකකට කලින් ගියත් පස්සේ ගියත් දිනනවා. නොවිද ගියානම් කවදා මැතිවරණයට ගියත් පරදිනවා. රජය යා යුතුව තිබූ න්‍යාය පත‍්‍රය තේරුම් ගැනීමට අවාසනාවකට වගේ සමහර කොටස්වලට බැරිවුණා.


