මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) ජනාධිපති කොමිසමට නොපැමිණෙන බව හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පවසයි.
හිටපු විධායක ජනපතිවරයකු ලෙස එවැනි ප්‍රකාශ ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට නොයන බව ඔහු ප්‍රකාශ කළේය.
විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරීන් ඇතැම්විට මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩ ඇතැයි කියති.

