මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
ව්‍යාජ අංක තහඩු සහිත සුදු වෑන් රථයක් හා සැක කටයුතු පුද්ගලයින් හතර දෙනෙකු සමඟ පිස්තෝලයක් මිරිහාන පොලිසිය මඟින් රාත්‍රි අත්අඩංගුවට ගැනීමෙන් එම කුමන්ත්‍රණය හෙළි වී තිබෙන බවද ඔහු කියයි.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජිවත්වන මිරිහාන ප්‍රදේශයේදි එම සුදු වෑන්රථය අත්අඩංගුවට පත්විම හා එම පරික්ෂණ වෙනත් දිශාවකට යොමු කරලීමේ උත්සහයක් පවතින බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි.



