‘මහින්ද නහින්නේ කට නිසයි‘


‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග මෛත්‍රීපාල සිරිසේන ජනපති එකතු වී දේශපාලන වශයෙන් කිසිම විටක දීග කන්නේ නැහැ. එය මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒවගේම ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති අතර බැඳීමත් කිසි දිනක කැඩෙන්නේ නැහැ.‘ යැයි ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (01) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘අපි දැන් මහින්ද මහත්තයාට සැහැල්ලුවෙන් ගමන් කරන්න අවස්ථාව දී තිබෙනවා. අපි වෛර කළේ නෑ. මහින්ද මහත්තයාට අපි සැප පහසුකම් දුන්නා.

අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විඳින ප්‍රශ්න එදා අපි වින්දා. මහින්ද මහත්තයාගේ රැස්වීම්වල සෙනඟ පෙන්වන්න පුළුවන්. ඒත් ඡන්දය ලැබෙන්නේ නෑ. මහින්ද කවදාවත් දිනන්නේ නෑ. මෛත්‍රීපාල ජනපති කුණු ගොඩට අසුවී කුණු බක්කිය ඔළුවේ දාගන්න නායකයෙක් නොවයි.

මහින්ද මහත්තයා කට නිසා අයෙත් නහින්න යන්නේ. දේශපාලන වශයෙන් චණ්ඩියෙක් වෙන්නයි හදන්නේ.‘

(වීඩියෝ ප්‍රසන්න පද්මසිරි)