‘මහින්ද දුවන්නේ බැරි රේස් එකක්‘


සාටකය බිම එළා ඔළුවෙන් හිටගත්තත් හිටපු ජනාධිපතිට අගමැති වන්නට නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) හතරලියද්දේදී පැවසීය.

පක්ෂයේ නායකයාත් ඔහුට සහය නොදෙන කල ජනතාව ගැන කතා කරනුයේ කුමටදැයි විමසූ අගමැතිවරයා රාජපක්ෂ දුවන්නේ දිනන්නට බැරි රේස් එකක් බැවින් ඔහුට ඡන්දය දීමෙන් පලක් නැති බව ජනතාව අවබෝධ කරගෙන සිටින බව ද කීවේය.

ඔහු මැතිවරණ රැලිගානේ ගොස් රස්තියාදු වනවාට වඩා ගෙදර සිටියා නම් හොඳ බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.