‘මහින්ද දිනවන රැලියේ ශ්‍රීලනිප රැලි හැකිළේ‘


මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීමේ අරමුණින් සිකුරාදා (6) මහනුවර පැවැත්වෙන දෙවැනි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.

මෙම රැස්වීම සංවිධානය කරනුයේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායමයි.

‘අපිට ආරාධනා කළෙත් නැහැ. අපි යන්නෙත් නැහැ‘ යනුවෙන් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.