‘මහින්ද ජාතික කොඩිය අඳුනන්නේ නෑ‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි රැස්වීමේදී විකෘති ජාතික කොඩිය තැනින් තැන ඔසවා තිබු අභීත ඉතිහාසියක් ඇති ජාතියක් ඉන්න මහනුවරට පිවිසෙන කඩුගන්නා‍ව ප්‍රදේශයේ මෙවැනි දෙයක් සිදුවීම කන්ද උඩරටටම නින්දාවක් බවත් වැවිලි  කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටිනුවර පැවැති ජනහමුවකදී පැවසීය.

ජාතික කොඩිය විකෘති කිරිම ගැන කනගාටු වන බවත් රාජපක්ෂ මහතා ජාතික කොඩිය අඳුනන්නේවත් නැති බවද එය ඔසවන අවස්ථාවේදීවත් එසේ නොකරන්න ලෙස හෝ කියන්නට තිබු බව කිරිඇල්ල මහතා කීවේය.

පසුගිය මැතිවරණවලදී අද වගේ මැතිවරණ නීති ක්‍රියාත්මක නොවු බවත් ඒවා නීති පොත් වල වසර ගනනාවක් තිබු නමුත් ක්‍රියාත්මක කිරිමට උවමනාවක් නොතිබු බවත් තම ආණ්ඩුව යහපාලනයක් කරන නිසා ආදර්ශයක් දී ඇති බවත් පසුගිය මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ රූප 18 රියනක් උසට තිබූ බවත් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.

web1 web2