‘ජන වරමට ගරු කරමු - මහින්දට යළි ඉඩ නොතබමු‘ යන තේමාවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (3) පස්වරු 3ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට යයි.
පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන එම උද්ඝෝෂණයට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් හා සාමාන්‍ය ජනතාව සහභාගීවන බව පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

