‘මහින්ද ගෙන ඒමෙන් මෛත්‍රී ලොකුම පාවාදීම කරලා‘


‘ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් හැට දෙලක්ෂයක ජනවරමක් ලබාදී මාස හයක් යනකොට මහින්ද රාජපක‍ෂ මහතා ඇතුලූ පිරිසට නාම යෝජනා ලබාදීමට මෛපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීමයි.‘ යි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

‘මහින්ද රාජපක‍ෂ මහතා තුන් වැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අතිවිශාල වශයෙන් අල්ලස් ලබාදී මුදල් බෙදාදී, රාජ්‍ය බලය සහ හමුදාව පවා යොදවමින් තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතර ලක‍ෂ 62ක් ඡන්ද දායකයින් මහින්ද රාජපක‍ෂ මහත්තයාට විරුද්ධව ඡන්දය ලබාදී පරාජය කළා. මේ ඡන්ද ලක‍ෂ 62 ලබාදුන් ඡන්ද දායකයන්ට පෞද්ගලික අරමුණු තිබුණේ නැහැ. තිබුණේ එකම එක අරමුණක්. ඒ, රාජපක‍ෂ ඒකාධිපති පවුල් පාලනය පරාජය කරන එක විතරයි. එවැනි පෞද්ගලික අරමුණු රහිත ඡන්ද දායකයින්ගේ වරම පාවාදීම බරපතල තත්වයක්.

දෙවනුව රාජපක‍ෂ පරාජයෙන් පසු ඔවුන්ගේ පාලන  සමය තුළ හෙළිකළ මහා පරිමාණ වංචා-දූෂණ පිළිබඳව පවුල සහ පවුල වටා සිටි පිරිස හෙළිදරව් වෙමින් තිබුණා. මේ සත්‍ය තොරතුරු හෙළිවීමෙන් ඔහුට ඡන්දය ලබාදුන් විශාල පිරිසක් කළකිරී ඉවත් වෙමින් සිටියා. දූෂිත පවුල් පාලනය පරාජය කිරීම සාධාරණ බව මේ පිරිස තේරුම් අරගනිමින් සිටියා. ඒ අයගේ ඉවත්වීමත් පාවාදුන්නා. දූෂිත ඒකාධිපති පවුල් පාලනයක් තිබියදීම විශාල අනතුරක් දරාගනිමින්ම පුද්ගලික අපේක‍ෂා කිසිවක් නැතිව රාජපක‍ෂ පවුල් පාලනය පැරදවීමට ක්‍රියා කළ පිරිසක් හිටියා.

රාජපක‍ෂ මහත්තයා ජයග්‍රහණය කළා නම් නියත වශයෙන්ම තමන්ට මුහුණ දීමට සිදුවන අනතුර පිළිබඳව නොතකා ඔවුන් ක්‍රියා කළා. ඒ උගතුන් හා බුද්ධිමතුන් ඇතුලූ සිවිල් සංවිධානවල ක්‍රියාකාරිත්වය පාවාදුන්නා. ඒ වගේම සිව්වනුව මෛතී්‍රපාල සිරිසේන මහත්තයා පොදු අපේක‍ෂකයා වශයෙන් ඉදිරිපත්වන අවස්ථාවේදී ලොකු අනතුරක් දරා ගනිමින් ඔහු සමග ඒකරාශී වුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස ඉතාම බරපතල කැපකිරීමක් කළේ. මේ වනවිට ඒ කැපකිරීමත් පාවාදී තිෙබනවා.

මහින්ද රාජපක‍ෂ මහත්තයා දිනුවා නම් ඇතිවන තත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉතා පැහැදිළිව කරුණු කියා තිඛෙනවා. ඔහු කීවේ අඩි 6ක් තුළ වැළලෙන්නට තිබු බවයි. මේකෙන් අදහස් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව මරා දැමීමට සැලසුමක් තිබූ බවයි. මේක සරල සිද්ධියක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක‍ෂකයා වෙනුවෙන් කටයුතු කළ සියලූ දෙනාටම පොදුවේ බලපා තිබූ අනතුරේ තරම තමයි ජනාධිපති වීමෙන් පසුව මෛතී්‍රපාල සිරිසේන මහත්තයා ඒ කීවේ. නමුත් දැන් ඒ සියල්ල අත්හැර පරණ සන්ධානයේ සියලූම දෙනාට නාමයෝජනා ලබාදීමට කටයතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ තත්වය හමුවේ ජනවාරි 08 වැනිදා ඉදිරියට යන්නට පියවරක් තැබූ සියලූම දෙනාට අප දන්වා සිටින්නේ පසුබට නොවන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට උපරිම කැපවීමෙන් ක්‍රියාකරන බව මතක් කරන්න ඕනෑ. මහින්ද රාජපක‍ෂ මහත්තයා අගමැති අපේක‍ෂකකම ඉල්ලමින් හම්බන්තොටින් නාම යෝජනා ලබාදෙන්නේ නැහැ. ඒ වෙනුවට හම්බන්තොටට කුමාරයා ඉල්ලනවා. උපන් දිස්ත්‍රික්කයෙන්වත් ජයග්‍රහණය කිරීමට අමාරු තත්වයක සිටින මහින්ද රාජපක‍ෂ මහත්තයා දිනන්න ලේසි තැන් සොයමින් ඉන්නවා. මේකෙන් පැහැදිලි වෙන්නේ මහින්ද රාජපක‍ෂ මහත්තයාට තිඛෙන බල ලෝභයේ තරම. මන්ත්‍රී කෙනෙක් හැටියට, ඇමති කෙනෙක් හැටියට, විපක‍ෂ නායක හැටියට, අගමැති හා ජනාධිපති හැටියටත් බලයේ සිටි මහින්ද රාජපක‍ෂ දැන් මන්තී්‍රකමක් ගන්න දඟලන්නේ බලය සඳහා තිඛෙන දැවැන්ත කෑදරකම නිසයි. ඔහු දෙවැනි ජනාධිති ධුරයේ වසර 2ක් සිටියදී තුන්වැනි වර ඉල්ලන අවස්ථාවේ කීවේ ජනතාව ඔහුට බලය නොදුන්නොත් ගෙදරට වෙලා ඉන්න බවයි. නමුත් පසුව කුමන්ත්‍රණකාරී ලෙස බලය අල්ලා ගැනීමට කටයුතු කළා. බල ලෝභය අතින් මහින්ද රාජපක‍ෂ මහත්තයා ලෝක වාර්තාවක් තියන බව පැහැදිලියි. මේ බල ලෝභය නිසාම නීතිය, මහජන මුදල්, වාහන, හෙලිකොප්ටර්, ජනාධිපති මන්දිිරය වගේම අරලියගහ මන්දිරය පරිහරණය කරමින් පෙන්නුම් කළේ බලයෙන් මත්වී ගෙවූ සුඛෝපභෝගී ජීවිතයේ තරමයි.

මේ තත්වය වෙනස් වෙමින් පසුගිය ජනවාරි 08වැනිදා පිහිටුවා ගත් පාලනය යටතේ රාජපක‍ෂ පවුල සහ ඒ වටා සිටි පිරිසට එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනා වේදිකා මත කළ විවේචනවල සිට නීතිමය කි්‍රයාමාර්ග ගැනීම දක්වා ඉදිරියට පැමිණ තිබුණා. මෙයින් ගැලවෙන්නත් නැවත බලය ලබාගැනීමේ අවශ්‍යතාවය රාජපක‍ෂ මහත්තයාට වගේම ඒ වටා සිටින කල්ලියටත් මතුවී තිඛෙනවා. උදාහරණයක් ලෙස ශිරන්ති රාජපක‍ෂට විරුද්ධව තිඛෙන චෝදනා ඔප්පු වෙමින් තිඛෙනවා. බැසිල් රාජපක‍ෂ මහත්තයාට හිරේ සිටින්නට පවා සිදුවුණා. ගෝඨාභය රාජපක‍ෂට විරුද්ධව පරීක‍ෂණ පැවැත්වෙමින් තිඛෙනවා. රගර් කී්‍රඩකයාගේ මරණය සම්බන්ධයෙන් පරීක‍ෂණ ක්‍රමානුකූලව පැවැත්වෙනවා. මෙයට රාජපක‍ෂවරු සම්බන්ධ බව හෙළි වෙමින් තිඛෙනවා. ඒ වගේම උදයංග වීරතුංග, ලලිත් වීරතුංග, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන වැනි මහින්ද කල්ලියට නීතිය ඉදිරියේ පැවැත්වෙන පරීක‍ෂණවලින් ගැලවීමට නම් බලය අවශ්‍ය වී තිඛෙනවා. ඒ වෙනුවෙන් තමයි මහින්ද මහත්තයා නැවත පාර්ලිමේන්තුවට එන්න සූදානම් වෙන්නේ.

මේ වගේ පටු අරමුණු මිසක් රට හැදීමේ අරමුණු මොකුත් රාජපක‍ෂ මහත්තයාට නැහැ. පසුගිය කාලය තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න කිසිදෙයක් ගැන කථාකළේ නැහැ. ඒ වෙනුවට කෙරුවේ මහින්ද සමඟ නැගිටිමු කියලා. එහෙමත් නැත්නම් මහින්ද අගමැති කරමු කියලා. මේ මගින් අපේක‍ෂා කරන්නේ බල ලෝභයට උත්තර ලබා ගැනීමත් වංචා-දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් ගලවා ගැනීමත් කියන මූලික අරමුණු දෙකයි.

මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අගෝස්තු 17දා මැතිවරණයෙන් ඉතාම කණගාටුදායක ප්‍රතිඵලයක් ලැඛෙන බව පැහැදිලියි. අලූත් මුහුණු කිසිවක් නාමයෝජනාවලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම පරණ ජරාජීර්ණ මුහුණු ටිකම නැවත වරක් පාර්ලිමේන්තු නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් වෙනවා. ජනවාරි 08වැනිදා ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළ කණ්ඩායමම නැවත වරක් මහ මැතිවරණයේ පරාජය නළලේ කොටාගෙනයි මේ එන්නේ. මේ චෞර රැළට අලූත් නායකයින් කිසිවෙක් නැහැ. ඒ තරමටම පිරිහිලා.

මේ වගේ තත්වයක් යටතේ ඡන්ද දායකයන් විශේෂ අවධානයකින් සිටිය යුතු කාලයක් මේ. විශේෂයෙන්ම මහින්ද විරෝධී පිරිස් නිසා සන්ධානය තුළ අලූත් අර්බුද ඇතිවෙලා. රාජිත සේනාරත්න ඇමතිවරයා, අර්ජුන රණතුංග ඇමතිවරයා, මේ වනවිටත් විරෝධය පළකර තිඛෙනවා. හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා කුමාරතුංග මහත්මිය වගේම ජාතික හෙළ උරුමය වගේ සංවිධානවලත් කි්‍රයාකාරිත්වය නිසා ඉදිරියේදී දැවැන්ත පිපිරීම් ඇතිවන ලකුණු තිඛෙනවා. මේ වනවිටත් ශී්‍රලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න මහත්තයා එක්සත් ජාතික පක‍ෂයත් එක්ක එකතු වෙලා. මේ මැතිවරණය කියන්නේ මිනි ඔලිම්පික් එකක් වගේ. උස පැනීම, දුර පැනීම, මැරතන්, කෙටි දුර ධාවන තරඟ පවත්වනවා වගේම එහෙට මෙහෙට පැනීම් ගැනත් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. සන්ධානය ඇතුළේ ඒ තරමටම ප්‍රශ්න හදාගෙන තමයි මෛත්‍ර්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක‍ෂට නාමයෝජනා ලබාදෙන්න තීරණය කරන්නේ.

මේ තත්වය මත දේශපාලන බිමේ තිඛෙන්නේ අභියෝගයක්. මේ අභියෝගය මොකක්ද කියලා අපි හොඳින් තේරුම් ගත යුතුයි. ජනවාරි 08වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක‍ෂ පරාජය කිරීමට මිස මෛතී්‍රපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කරන්න බොහෝ දෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. පවුල් පාලනය තුරන් කිරීමට ඡන්දය දුන්නා මිස පක‍ෂයකට ඡන්දය දුන්නේ නැහැ. දින සියය අපේ්්‍රල් 23දා අවසන් වී මැයි මස මුල මහමැතිවරණයක් කැඳවූවා නම් අඩුම තරමේ උසස් පෙළ විභාගයට බාධා නොවී කරගෙනයාමට පුළුවන්කම තිබුණා. මේ ගෙවී ගිය මාස දෙක තුළ, හරියටම කියනවා නම් 19වන සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් කළේ නැහැ. 19වන සංශෝධනය අනුව පත්කරගත යුතු ව්‍යවස්ථාදායක සභාවවත් පත්කරගන්න බැරි වුණා. දැන් මෛති්‍රපාල සිරිසේන මහත්තයාට රටත් නැතිවෙලා පක‍ෂයත් නැතිවෙලා.

ජනවාරි 08වැනිදා ජනතා තීන්දුව අභියෝගයකට ලක්කිරීමට හෝ ආපසු හැරවීමට ඉඩ නොදී ඉදිරියට ගෙනයාමේ අභියෝගය මතුවී තිඛෙන්නේ මේ පසුබිම තුළයි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාවත් ඒකක එකතුවී ඒ අභියෝගය බාර ගන්නවා. සිවිල් සංවිධාන වගේම බුද්ධිමතුන් තැබූ විශ්වාසය ඉදිරි පියවරකින් ජයග්‍රහණය කරා ගෙනයාමට අපි භාර ගන්නවා. මේ මහා මැතිවරණය පවත්වන්නේ ස්වාධීන කොමිෂන් කිසිවක් නැතිවයි. ඒ තත්වය නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය දිනා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක‍ෂයත් කිසිවක් කර නැහැ. එක්සත් ජාතික පක‍ෂය අගමැතිකම්, ඇමතිකම් දරමින් මැතිවරණ ජයග්‍රහණයක් ගැන හිතුවා මිස ජනතා අපේක‍ෂා ඉදිරියට ගෙනයාමක් ගැන කල්පනා කළේම නැහැ. අඩුම තරමින් මන්තී්‍රවරුන් සඳහා හඳුන්වා දුන් ආචාර ධර්ම පද්ධතිය කි්‍රයාත්මක කිරීමේ ඕනෑකමක්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුලූ එක්සත් ජාතික පක‍ෂයට තිබුණේ නැහැ. මේ රටේ දේශපාලන සංස්කෘතිය ඉදිරි පියවරක් තැබීමට කිසිම දෙයක් එක්සත් ජාතික පක‍ෂය කළේ නැහැ. ඒ වෙනුවට පරණ විදියටම නැවත නැවතත් එහෙට මෙහෙට පැනීමට තිබුණු සදාචාර විරෝධී ඉඩකඩ ඒ විදියටම ඉදිරියට ගෙනියන්න අවස්ථාව උදාකර දී තිඛෙනවා.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර මේ රටේ ප්‍රගතිශීලීන් සියලූ දෙනා සමග අලූත් ගමනක් යන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. එක්සත් ජාතික පක‍ෂයත් සන්ධානයත් නැවත නැවතත් බිඳදමා තිඛෙන ජනතා අපේක‍ෂාවන් ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ  මැතිවරණය යොදා ගන්නවා. ඒ වෙනුවෙන් දූෂිතයන්ගෙන් තොර නව දේශපාලන සංස්කෘතියකට ගැලපෙන අපේක‍ෂකයන් අපේ නාමයෝජනා ලයිස්තුවලට ඇතුළත්කරගෙන තිඛෙනවා. මේ නිසා අපි ඡන්ද දායකයන්ට කියන්නේ මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදුන් ඡන්ද ලක‍ෂ 62 පිළිබඳව වගකීම ඔවුන් විසින් අතහැර දමා තිඛෙන තත්වයක් තුළ උදාසීන නොවන ලෙසයි. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට අප ඉදිරිපත් කර තිඛෙන්නේ ඡන්දයට වගකියන පිරිසක්. ඒ වගකීම සහ වගවීම අත්හැරපු පක‍ෂ දෙකක් තමයි, රනිල් වික්‍රමසිිංහ මහතාත් මහින්ද රාජපක‍ෂ සහ මෛතී්‍රපාල සිරිසේන මහත්තුරු නියෝජනය කරන්නේ. රාජපක‍ෂ පවුල සහ ඒ වටා හිටපු කණ්ඩායම නැවත බලයට එන්න දරන ප්‍රයත්නය පරාජය කරන්න ඕන. ඒ පරාජය කිරීමේ හැකියාව තිඛෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බලය වැඩිකිරීමෙන්. මුදල් වෙනුවෙන් පිල් මාරු කරන්න සූදානම් අය මහින්ද රාජපක‍ෂ මහත්තයාගේ සල්ලි ඉදිරියේ විකිණෙන තත්වයක් උදාවේවි. ඉදිරියේදී ඒබව බලාගන්න පුළුවන්.  එවැනි තත්වයක් රටට අනතුරුදායකයි. දේශපාලන වශයෙන් බංකොළොත් වූ පිරිස් රට අනතුරේ හෙළා බලය ලබාගැනීම නවැත්විය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු බලය වැඩිකිරීමෙන් පමණයි. අපේ පක‍ෂයේ පාර්ලිමේන්තු නියෝජනය ජනතාවගේ හ~ නියෝජනය කරන මන්තී්‍රවරුන්ගෙන් සමන්විත වෙනවා. ඒ වෙනුවෙන් මැතිවරණයට අපි සූදානම්. දිස්ති්‍රක්ක 22ටම මේ වනවිට අපේක‍ෂක කණ්ඩායම් සුදානම් කර අවසන්. කොළඹ දිස්ති්‍රක්කයෙන් අපේ පක‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාත් ගම්පහ දිස්ති්‍රක්කයෙන් විජිත හේරත් සහෝදරයාත්, විශේෂයෙන්ම යාපනය දිස්ති්‍රක්කයෙන් අපේ පක‍ෂයේ මධ්‍යම කමිටු සාමාජික රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයාත් දිස්ති්‍රක් සංවිධාන කටයුතුවලට පත්කර තිඛෙනවා. ඒ් සමගම උගතුන් බුද්ධිමතුන් රැසක් අපේ නාමයෝජනා අතරට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලබන 12 සහ 13 දින දෙකේදී රට පුරාම අපි නාමයෝජනා බාරදීමට සැලසුම් කර තිඛෙනවා. ඊට අමතරව රට හදන අපේ ප්‍රතිපත්ති මාලාව ජනතාව අතට පත්කිරීමට සූදානම්. මේ වනවිටත් සංයුක්ත සැලැස්මක් සහිත ප්‍රචාකර කටයුතු ආරම්භ කර අවසන්. —රට වෙනුවෙන් නව ගමනක්˜ මෙවර මැතිවරණයේ අපේ තේමාවයි. ප්‍රචාරක කටයුතුවලදී —දේශයේ හෘදයසාක‍ෂිය˜ යන්න අපේ තේමාව වශයෙන් යොදාගෙන තිඛෙනවා. ඉදිරියේදී ප්‍රධාන රැලි 100ක් සහ ජනහමු 1000ක් පමණ සංවිධානය කරමින් ජනතාව වෙනුවෙන් ඉතා හොඳ සටනක් ලබාදීමට සැලසුම් සකස්කර අවසන්. ජනවර පාවාදී මහින්ද රාජපක‍ෂ සමඟ මෛතී්‍රපාල සිරිසේන මහත්තයා යන්න සූදානම් වෙන ගමනත් අගමැති සහ ඇමතිකම් දරමින් තම බලය ගැන විතරක් ගැන කල්පනා කළ එක්සත් ජාතික පක‍ෂයත් ඉවතට දමා මේ රට වෙනුවෙන් අලූත් ගමනකට මුල පුරන්න ජනතා විමුක්ති පෙරමුණේ අපත් සමඟ එකතු වෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. ‘‘