හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බවත් ඔහු ඉදිරිපත් වන කණ්ඩායමෙන්ම ජාතික නිදහස් පෙරමුණද තරග කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයෙන් තරග කිරීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් වීරවංශ මහතා පවසයි.
අද (28) බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.


