දේශපාලන වේදිකාවේ ඡන්ද ප්‍රචාරක කටයුතු කරන ගමන් තම චරිතයට අපහාස කළැයි විදේශ ඇමැති මංගල සමරවීර, රංජන් රාමනායක, නලීන් බණ්ඩාර ජයමහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හා ජිප්සිස් නායක සුනිල් පෙරේරා මහත්වරුන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 450ක් වන්දි ඉල්ලන්නට සැරසෙතියි ඔහුගේ නීතීඥවරු කියති.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකුම පැවසුවේ මේ මේ කතා නිකන් විහිළු කතා බවයි.
අපහාස නඩුවක් පැවරන්නට ඕනෑ නම් නීතීඥයන් මගින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් කෙකර ගගා සිටින්නට අවශ්‍ය නැතැයි ඔවුහු කියති.
අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා කවර ක්‍රමයකින් හෝ උසාවියට රැගෙන ඒමට හැකි වුවහොත් එය තම ජයග්‍රහණයක් බව ද ඔවුහු පවසති.


