‘මහින්ද ආපු නිසා ජවිපෙ මනාප වැඩිවෙනවා‘


කුරුණෑගල මනාප පොරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නිසා කුරුණෑගලින්  ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීප එසැණට පැවසීය.

ඇත්තෙන්ම ඔහු ලජ්ජවෙන්න ඕනේ. මනාප බලු පොරයට වැටීම ගැන. මනාප පොරයට හිටපු ජනපති වැටුණු එක ගැන කුරුණෑගල ජනතාව ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් දන්නවා මේ විදියට පාර්ලිමේන්තුවට යන්න හදන්නේ මොකටද කියලා. මහින්ද ආපු එකට ඔහුගේම පක්ෂේ කුරුණෑගල අපේක්ෂකයෝ කැමති නැහැ. මේ අය දැන් තමන්ගේ ගොඩ වැඩිකරගන්න දුවනවා. හිටපු ජනපතිත් දුවනවා. ඔහුව මෙහාට ගෙනාපු අය හිතුවේ මහින්ද ලක්ෂ තුනක් හතරක් මනාප ගනියි කියලා. ඒක ඔවුන්ගේ හීනයක්ම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊයේ පෙරේදා මෙහෙ ඉන්න ව්‍යාපාරිකයෝ දොස්තරවරු ඉංජිනේරුවන් පන්සියකට ආරාධනා කරලා රැස්වීමක් තිබ්බා. කියන්න සතුටුයි හාරසියයකට වඩා වැඩි පිරිසක් ආවා. වෙනදා අපි එහෙම ආරාධනා කරලා රැස්වීමක් තිබ්බනම් එන්නේ හැත්තෑපහක් විතර. අපේ ප්‍රවණතාවය ඒකෙන්ම හිතාගන්න.

අපිට ඔය පක්ෂ දෙකම එකයි. අවුරුදු 67ක් රට ණය ගොඩකට ඇදලා දැම්මේ බොරුවෙන් ලෝකය මුලා කළේ හෙට උපදින දරුවෙක් පවා  ලක්ෂ ගාණක ලෝක ණයකාරයෙක් කළේ කවුද? අපේ කම්මුල් පාරවල් ඔවුන්ටයි.