‘මහින්ද අගමැතිවීම සිහිනයක් පමණයි‘


ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දෙමළ ඩයස් පෝරාව, ජාතික ආරක්ෂාව ගැන බොරු කියමින් ජනතාව මුලාකොට ඡන්ද ලබාගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධාන මැති ඇමැතිවරු මෙවරත් පරණ තැටියම වාදනය කළත් හැට දෙලක්ෂයක ජනතාව ජනවාරි 8 එම ප්‍රකාශ අමතක කළ බව ඔවුන්ට අමතකවී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සඳුදා නාම යෝජනා බාරදීමෙන් පසු ගම්පහ එජාප ක්‍රියාකාරීන් හමුවකදී පැවසීය.

‘මේ රටට අවශ්‍ය මහත්මා දේශපාලනය කරන පිරිසිදු මහජන නියෝජිත පිරිසක්. ස්ථාවර පක්ෂයක් විදියට මෙවර මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගෝස්තු 17 වැනිදා අගමැතිවීම සිහිනයක් පමණයි‘

IMG_6992 IMG_6995 IMG_6996