‘මහින්ද - මෛත්‍රී ස්වර්ණමය යුගය 18‘ - විමල් කියයි


මහින්ද මෛත්‍රී ස්වර්ණමය යුගය ලබන අගෝස්තු 18 වැනිදායින් පසු දැකගත හැකිවන බවත් එක්සත් ජාතික පක්ෂයද බැඳුම්කර සුදා, නිධන් සුදා, කරුංකා සුදා, තඹ සුදා, කප්පම් සුදා වැනි ලොකු වැරදි කළ අයට නාම යෝජනා නොදේනම් සුළු වැරදි කළ අපේ අයටත් නාම යෝජනා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (8) කොළඹදී පැවසීය.

ඔහු සමග මේ සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන හා මනූෂ නානායක්කාර එක්ව සිටියහ. බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගටද නාම යෝජනා හිමවූ බවද වීරවංශ මහතා එහිදී පැවසීය.

නාම යෝජනා දෙන නොදෙන අය ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කෙලින් උත්තර නොදුන් වීරවංශ මහතා 13 වැනිදා නාමයෝජනා දීමෙන් පසු ඒ විස්තර දැනගත හැකියැයි කීවේය.

ඡන්දය දිනීමට එක්සත් ජාතික පක්ෂය බොරු බේගල් ඇද බාන බවටද ඔහු චෝදනා කළේය. 

web1 web2