‘අපි කොහොමටවත් රනිල්ට 18 වෙනිදට ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්වයෙන් මහින්දයි මෛත්‍රියි ඉඳගෙනයි‘ යැයි ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
මෛත්‍රිපාල ජනාධිපති ට පොඩි තරහක් මතුවී එක වෙලාවක අපේක්ෂකයන්ගෙ ප්‍රශ්නයකදි මහින්දට නාම යෝජනා නොදෙන බව කීවත් ඒවා දැන් වෙනස් වී ඇතැයිද මහින්දයි මෛත්‍රීයි නැවත විරසකයට නොයන බවත් පක්ෂය නැවත දෙකට නොකැඩෙන බවත් දිසානායක මහතා කීවේය.
අර්ජුන, හිරුනිකා, රාජිත පක්ෂයෙන් ඉවත් වීමෙන් පක්ෂයට හානියක් වී ඇත්දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රස්නයකට පිළිතුරු දෙමින් හානියක් වෙන්නත් පුළුවන් නමුත් ඒ අය දැන් එක්සත්ජාතික පක්ෂයට තරග කරන අය නිසාත් සන්ධානය ආණ්ඩුවක් හදන්න යන බැවින් මන්ත්‍රී අඩු පාඩුවක් වුනොත් ගනු දෙනු බේරගන්න අවශ්‍ය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවත් ඇමැතිවරයා පැවසීය.
රතන හිමින්ට මුල සිටම උවමනාවී තිබුනේ මහින්ද මෛත්‍රී එකතු කරන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංධානය එකතු කරන්න බවත් අමාත්‍ය වරයා පැවසිය.

