‘මහරගමට විකිරණ තර්ජනයක් නැතිලු‘
මහරගම පිළිකා රෝහල අවට විකීරණශිලී තර්ජනයක් නැතැයි පරමාණුක බලශක්ති අධිකාරිය කියයි. රෝහලෙන් බැහැර කරන අප ජලයේ විකීරණ ශිලි අයඩින් ස්වල්ප වශයෙන් ඇතත් කානු මගින් එම ජලය ජන ශූන්‍ය පෙදෙසකට මුදා හැරෙන බවත් සෞඛ්‍යට කිසිදු තර්ජනයක් නැති බවත් අධිකාරිය පවසයි. විකිරණශීලි අයඩින් ශරීරගත වීමෙන් තෛරොයිඩ් ග්‍රන්ථයේ පිළිකා වැළැඳුණු අය ඒ අවට නැතැයි ද රෝහල අවට ජනයා විකිරණශිලි බලපෑමනේ සියයට සියයක් නිදහස් යැයි ද එම අධිකාරිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය කියයි. මේ ප්‍රශ්නයට විද්‍යඥයන්ගේ විසැඳුම වී ඇත්තේ නළ මගින් එහි අප ජලය ආරක්ෂාකාරීව බැහැර කිරීම වුවත් අද වනතුරුත් එසේ කැර නැත. එම ආරක්ෂක පියවර දැන්ම නොගතහොත් ඉදිරියේ දී නරක තත්ත්වයක් උදාවිය හැකි යැයි ද ඔවුහු අනතුරු අඟවති.

