‘මහබැංකුවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල්‘


‘මහ බැංකුවට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේ ප්‍රභාකරන්. දෙවැනි ප්‍රහාරය එල්ල කළේ රනිල් වික්‍රමසිංහ. ඒ අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති කරලා.‘ යැයි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) කොළඹ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

‘ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇයි මහ බැංකුවේ අධිපති කළේ. රටක මහ බැංකුවට ප්‍රහාරයක් එල්ලවුණාම සමස්ත ආර්ථිකයම වැටෙනවා. එහි සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බාරගත යුතුයි‘ යැයිද ඔහු කීවේය.

DSC_6031 DSC_6037