තමා බලයට පත්වූ පසු 12 වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 8000 දක්වා වැඩි කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) අම්පාර මහජන ක්‍රීඩාංගණයේ පැවති රැලියකදී පැවසීය.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහළ දමන බවටද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු විය.






