‘මහ හෙණය‘ එපා එපාමයි


විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ජනපතිවරණයක් පැවැත්වුවහොත් හය මාසයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ එකගත්වය මත පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව, පුද්ගලයාට වඩා වැදගත්වන්නේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බවත් කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ කියති.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත බව කියන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයකු ගැන මේ දින වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙයි.  කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නම ද නිතර කියැවෙයි.

සෝභිත හිමියන්ගේ මෙහෙයවීමෙන් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්  හා සිවිල් සංවිධානය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විශේෂ සමුළුවක් ද පැවැත්විණි.

විධායක ජනාධිපති ක්‍රමය හා පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් එසැණ මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.