‘මහ පුරවැසි තෙමේ - මහ ගදඹු නිවෙසේ‘


පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය. 

පණ්ඩිත් අමරදේවයන්ගේ සුවදුක් විමසූ ජනපති අමරදේවයන්ගේ ගීත පිළිබඳ තම අතීත මතකයන් අවදි කරමින්ද විවිධ ගීත කොටස් ගායනා කරමින්ද  සුහද පිළිසඳරක නිරත විය.

එහිදී අමරදේවයෝ රාජ්‍ය නායකයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ කලාකරුවන් වෙනුවෙන් දක්වන සැළකිල්ල ඇගයීමට ලක් කළහ.

තම ගීත එකතුවක් ඇතුළත් සංයුක්ත තැටියක් සහ සමරු ග්‍රන්ථයක්ද අමරදේවයෝ ජනපති වෙත පිළිගැන්වූහ.

amaradewa_201510401 amaradewa_2015104012 amaradewa_2015104013