‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනවශ්‍ය බවට ඒකමතිකව ගත් තීන්දුව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, බෞද්ධ සම්ප‍්‍රදාය හා මහා විහාරයීය සම්ප‍්‍රදාය නොදත් රනිල් වික‍්‍රමසිංහගේ මොළයට නොතේරීම පුදුමයට කරුණක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
අද (20) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා එසේ කීවේය.
‘‘ජනතාවට කොලේ වහලා ‘තවම අකුරක්වත් ලියලා නැහැ’ කියමින් මේ ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහගේ මූලිකත්වයෙන් ෆෙඩරල්, අනාගමික රාජ්‍යයක් බිහි කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැදුවා. ඒ කෙටුම්පත වචන හරඹ කරලා, සැබෑ වුවමනාව නොපෙනෙන ලෙස ‘ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ නමින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බෞද්ධයාගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාවට වැඩම කළ, එහි පැවිදි භාරකාරත්වය දරන මේ නායක හිමිවරු මේ ගත්තු තීන්දුව උත්තරීතර තීන්දුවක්. ඒ බව මේ රටේ භික්‍ෂු සම්ප‍්‍රදාය, මහා විහාර සම්ප‍්‍රදාය හා බෞද්ධ සම්ප‍්‍රදාය දන්නා සැබෑ බෞද්ධයන්ට හොඳින් වටහාගත හැකියි‘‘ යැයි ද ඔහු කීය.

