‘මහ නාහිමිවරු ඉල්ලීමක් කළොත් ඥානසාර හිමියන්ට සමාව දීම ගැන ජනපති සළකා බලාවි’


(ඩයනා උදයංගනී)

 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස මහ නායක හිමිවරුන් ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු තීන්දුව පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව කී අමාත්‍යවරයා කෙසේ වෙතත් රටේ නීතිය භික්‍ෂූන් වහන්සේලාටත් අදාළ බව සඳහන් කළේය.

 

ඥානසාර හිමියන්ට එම තීන්දුව ලැබී ඇත්තේද නීතිය අනුව බව ඇමතිවරයා කීවේය.

 

උන්වහන්සේට ක‍්‍රියාත්මක වූ නීතිය අනෙකුත් අයටත් ක‍්‍රියාත්මක විය යුතු බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.