‘මහ ඇමැති වැරැදි වැඩක් කළා’


මොණරාගල දනකිරියේ  විදුලි යෝජනා ක්‍රමයටද මහ ඇමැති තමාට කළීන් මුල්ගත් තැබු බවත් විවෘත කිරීමේ උත්සවය සදුදාට යොදා තිබියදී එයද තමාට කළින් විවෘත කැර ඇති බවත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුමේධා ජී ජ‍යසේන මහත්මිය  එසැණ සමඟ පැවසුවාය.

මෙම විදුලි යෝජනා ක්‍රමයට මුදල් වෙන් කළේ මගේ විමධ්‍යගත යෝජනා යටතේ මා එය සදුදා විවෘත කරනවා.

ඇමැතිවරිය මෙසේද  පැවසුවාය

විවෘත කිරීම  වෙද්දි විදුලි යෝජනා ක්‍රමයේ වැඩ ඉවර වෙලා තිබුණෙත් නැහැ. තව දෙයක් ඔය යෝජනා ක්‍රමය මුල්ගල තියන්න දින නියම කර තියෙද්දී ප්‍රධාන ඇමැතිවරයා ගිහිල්ලා මටත් නොකියා මුල්ගල තිබ්බා. මොනරාගල ආසන සංවිධායකවරිය මමයි.‍

දේශපාලන සම්ප්‍රදාය තමයි සංවර්ධන යෝජනාවක් කළ පුද්ගලයා අනෙකුත් මැති ඇමැතිවරුන්ට හා  මන්ත්‍රීවරුන්ටත් එය විවෘත කිරීම ගැන දැනුම් දීම. ඉතිං මම ඒ විදියට දැනුම් දී තිබියදියි මේ විවෘත කිරීම මටත් නොකියා ගොස් කරලා තියෙන්නේ. කොහොම වුණත් අපි කලින් යොදාගත් පරිදි  මේ විදුලි යෝජනා ක්‍රමය විවෘත කරනවා. ඒ සදහා ප්‍රධාන ඇමැතිතුමාටත් මම ආරාධනා යවා තිබෙනවා. ‘