මරදාන දුම්රිය පොළේ දී නිල් පාට නිල ඇඳුම ඇඳගත් පිරිසක් දුම්රිය මගියකුට පහර දුන් පිරිසට එරෙහිව පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම නිල ඇඳුම ඇඳගත් පිරිස ඔහුට පහර දෙද්දී දුම්රිය ආරක්ෂක සේවයේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ඇඳ සිටි පිරිසක් එම පුද්ගලයා බේරාගෙන යෑමට එම ස්ථානයට යෑම වැලැක්වූ බවත්, රාජකාරියේ සිටි පොලිසිය ද එම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ නොකළ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
මහව දුම්රියේ රියදුරුට අලව්වේ දී පහර දුන් බවට සැකපිට දුම්රිය මගීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

