‘මරණ දඬුවම දෙනවා - දිනය දැන්ම කියන්නේ නැහැ’



(අජන්ත කුමාර අගලකඩ)
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇති නමුත් එය දැන්ම ප්‍රකාශ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) පැවසීය.
 
කවුරුන් විරුද්ධ වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීවේය.
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කෑගසන කිසිවකුත් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන වැඩ පිළිවෙළට කිසිදු සහායක් නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද(06) පෙරවරුවේ පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මරණ දඬුවම සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.