‘මම යකඩ ගැහැණියක්‘


(යොහාන් භාසුර)

තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි යැයි ශ්‍රී ලංකා විවාහක රූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පස්වරුවේ පැවසුවාය.

ලෝක විවාහක රූ රැුජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ පුෂ්පිකා ද සිල්වාට නැවත පැළ`ද වූ බව ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන සංවිධායක සුප‍්‍රකට රූපලාවරණ ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් චන්දිමාල් මහතා පැවසීය.

ප‍්‍රධාන සංවිධායක ලෙස කිසි`දු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබ`දව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් චන්දිමාල් මහතා කීය.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගය පසුගිය ඉරිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැති අතර එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පැළදැවීමෙන් පසුව ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි මහත්මිය ප‍්‍රමුඛ පිරිසක් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත්වූ කාන්තාවට පැළඳවීම දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවේ තමන් මේ දක්වා දික්කසාද වී නොමැති බවත් සැමියාගෙන් වෙන්ව දරුවා සමඟ ජීවත් වන කාන්තාවක් බවයි.

තමන් යකඩ ගැහැනියක් බවත් මෙවැනි දේවලින් මානසිකව වැට්ටිය නොහැකි බවත් පුෂ්පිකා පැවසුවාය.මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප‍්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද සහභාගි විය.

 

( ඡායාරූප - ළහිරු හර්ෂණ )