‘මම මෙතනට එන්න තිබුණෙ මීට හුඟක් කලින්’


ඇය එදා ගුවන් විදුලියේ ළමා පිටියට අමුත්තියක නොවූවාය. රන් සමනළ පේළියයි, නිවන පතා - සුවය පතා යන ගීත එදා ඇය ගැයුවේ අක්කා සුප‍්‍රියා අබේසේකර සමගය. ඉන් පසු ඇගේ මව වන ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා අබේසේකර සමග ගැයූ ”සුදු මල් නෙලලා” ගීතය ද එකල ජනප‍්‍රිය විය. එවකට ඇය ප‍්‍රකට වුණේ සධානා අබේසේකර නමිනි. වයස අවුරුදු 7 දී එලෙස ගායනයට පැමිණිය ද වත්මන දක්වා ඇය ගැන වැඩිපුර කතා වූවේ නැත. නමුත් දැන් ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන්ගෙන ඇත්තේ ”රඟන රැඟුම්” ගීත එකතුව නිසාය. ගීත ලෙසට ”රඟන රැඟුම්” ගෙනා ඇය කලා ලොව සුපතල පවුල් දෙකකට උරුමකම් කියන චරිතයකි. රඟන රැඟුම් ගෙනා ඇය කවු ද? රඟන රැඟුම් ගයන ගැයුම්, දොළ ළඟ ගුරු පාර දිගේ ඇතුළු අතිශය ජනප‍්‍රිය ගී රැසක් ගැයූ නැසී ගිය වසන්තා සන්දනායක ඇයගේ ආච්චි අම්මාය. චිත‍්‍රපට පසුබිම් ගී ගායන ශිල්පිණියක වූ ප‍්‍රකට ගායිකා දයා හේමන්තා අබේසේකර සධානාගේ මවය. තාත්තා එකල ප‍්‍රකට රංග ශිල්පියකු විය. වහල් දුපත, සිදාදියෙන් හයක්, කොළඹ හාදයෝ ඇතුළු චිත‍්‍රපට ගණනාවක රඟපාමින්, අධ්‍යක්ෂවරයකු වූ ඔහු ශාන්ති අබේසේකරය. සිය මව සමග ”මද සීත නළරැල්ල දැඟලිල්ලපා” ගීතය ගැයූ සරත් සන්දනායක ඇයගේ මාමායි. ශ්‍රීමතී වසන්තා සන්දනායක ඇයගේ ලොකු අම්මාය. පවුලේ දෙවැනියා වන ඇගේ අක්කා සුප‍්‍රියා අබේසේකරය. සංජය, සුදේව, ශර්මිලා, සංජානා සහ සජනි ඇයගේ අනෙකුත් සහෝදර සහෝදරියන්ය. සධානා විවාහ වී සිටින්නේ මහාචාර්ය අමරා රණතුංග සහ ආචාර්ය දයාරත්න රණතුංග යුවළගේ දෙවැනි පුත් නන්දික රණතුංග සමගය. පුලස්ති රණතුංග සහ රූපශිකා නන්දිතගේ අයියා සහ නැගණියයි. මෙසේ රණතුංග පවුලට එක්වූ සධානා පුතුන් දෙදෙනකුගේ මවකි.  ඕෂධ චමිත් සහ ශෂික අරුන් ඒ දරු දෙදෙනාය. ”ගුවන් විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත‍්‍රයට ආ මම මේ තැන ඉන්න  ඕනෑ මීට පෙරයි. එනම් මගේ ගීත එකතුවක් සහ ගායනා ක්ෂේත‍්‍රයේ රැුඳී සිටිමින් කටයුතු කරන්න තිබුණෙ මීට පෙරදියි. ඒත් විවාහයත් එක්ක පවුලට මුල් තැන දී කටයුතු කිරීම ඒකායන අරමුණ වුණා. අනෙක් කටයුතු සියල්ලට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම අරමුණු කරගත් නිසා කලා ක්ෂේත‍්‍රයට වැඩිය සමීප වෙන්න බැරි වුණා. ඉඳහිට රූපවාහිනී වැඩ සටහන්වලට එක් වෙමින් ගීත ගැයුවා. ”රඟන රැඟුම්” ගීත එකතුවට මගේ පරම්පරාවේ සහ සැමියා නන්දිතගෙ පරම්පරාවේ ගීත කීපයකුත් මගේ ස්වතන්ත‍්‍ර ගීත දෙකකුත් ඇතුළත්. එදා මහාචාර්ය අමරා රණතුංග සමග පුලස්ති අයියා ගායනා කළ ”සෙන්පතියන් ගැන, නැව්පතියන් ගැන” ගීතය මෙවර මම මගේ පුතාලා දෙන්නා එක්ක ගායනා කළා. අපේ අම්මා ගැයූ ”මද සීත නළරැල්ල” ගීතය සරත් සන්දනායක මාමා එක්ක මේ ගී එකතුවට මම ගායනා කළා. ඊට අමතරව ආච්චි අම්මා ගැයූ කල්‍යාණි ගංගා, නොකියාම එදා, රඟන රැුඟුම්, දොළ ළඟ ගුරු පාර දිගේ, සුර ලලනාවියේ ගීත මීට ඇතුළත්. මහ ? යාමේ ගීතය ගැයුවේ සැමියා නන්දිත එක්කයි. එයා එක්ක ”ඉන්නේ ඈතින් ඈතින්” කියන ස්වාතන්ත‍්‍ර ගීතයත් ගැයුවා. මගේ මාමණ්ඩිය වන නන්දිතගේ තාත්තා ආචාර්ය දයාරත්න රණතුංග සමග ”මනමාලි පුතා අලූත ගෙනා” කියන අලූත් ගීතය ගායනා කළා. මාමා සහ ලේලිය ගැයූ ලංකාවේ එකම ගීතය මෙයයි.   මේ ගීත මොන විදියට අසන්නන්ට සමීප වේවි ද? හිතට දැනෙන ප‍්‍රසිද්ධ ගීත නිසා රසික රසිකාවියන් අතර රැඳේවි. අනෙක වසන්තා සන්දනායකගෙ මිණිපිරියක නිසා ඒ උරුමය අපට තියෙනවනෙ.   ඇයි ඔබට ඔබගෙම ස්වතන්ත‍්‍ර ගීත එකතුවක් කරන්න බැරි වුණේ? ඉදිරියේ දී බෞද්ධ ගී සහ ස්වතන්ත‍්‍ර ගී එකතුවක් ඉදිරිපත් කිරීම සඳහා දැනට නිර්මාණ කරගෙන යනවා. කොහොම වුනත් අපේ වත්මන් ගායන ක්ෂේත‍්‍රය ගැන කලකිරීමක් තියෙන්නෙ. මොකද අපි මේ ගමන ආවේ හරි හෙමිහිට පිළිවෙළකට. අද එහෙම නෙවෙයි. ඉබේම බිහි වෙන අය සිටින්නෙ. සමහරුන්ට ගීත ගයන්න බැරි වුනත් පරිගණක සංයෝජනය නිසා ගීත කරනවා. ඊට පස්සෙ සල්ලි තියෙන නිසා විෂුවල් කරනවා. අපි වගේ ඉගෙන ගෙන හැකියාව තියෙන අයට තැනක් නැහැ. කොහොම වුනත් අපි සංගීතයට කලාවට ආදරෙයි. බාහිර ගුරුවරියක ලෙස ඇය කොළඹ රාජකීය විදුහලේ සේවය කරන අතර, ඊට අමතරව මම සංගීත පංති පවත්වාගෙන යනවා.   කොහොම ද ගෙදර කට්ටිය එකතු වුනාම සංගීත සාජ්ජ එහෙම දානව ද? සැමියා නන්දිතට තබ්ලාව සහ ගිටාරය වයන්න පුළුවනි. පුතාලා දෙන්නටත් ගායන වාදන හැකියාව තියෙනවා. නන්දිත ගයන්නෙ තාත්තගෙ ගීතයි. ඒ උරුමය ගෙන යන්න  ඕනෑනෙ.   ඔබගෙ පරපුරේ අය එකතු වන අවස්ථා එහෙමත් තියෙනව ද? අනිවාර්යයෙන්ම ඔව්. අපි එකතු වුනාම පැදුරු සාජ්ජ එහෙම දානවා. ආච්චි අම්මා සිටිය කාලයේ ඒවා හොඳට කළා.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ