‘අපි දැන් ඉන්නෙ ගන්ධබ්බ අවස්ථාවක. ආණ්ඩුවක් තියනව නෑ වගේ ඡන්දයක් එනව වගේ පේනව නෑ වගේ.ආ කූල ව්‍යාකූල තැනක රට තියෙන්නෙ. මම කියන්න දන්නෙ නෑ මම ආණ්ඩුවෙද විපක්ෂෙද කියල. හැබැයි විපක්ෂෙ ඉන්න ආසයි නමුත් ආණ්ඩුවේ ඇමැති කමකුත් තියෙනවා‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස් බි දිසානායක මහතා උඩුනුවරදී පැවැසීය.
දවුලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ උඩුනුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා එම ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන් හා ලක්සල, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දවුලගල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අමතමින් ඇමැතිවරයා එසේ කීවේය.
‘මොක්කදෝ මහා අංජ බජලයක් රටේ තිබෙන්නෙ. හැබැයි මේ සියල්ල මැද වත්මන් ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතාට මේ රට නිවැරදි දිසාවකට ගෙන යාමේ දක්ෂතාවය ඇති බවත් විශ්වාස කරනවා‘ යැයිද දිසානායක මහතා පැවසීය.



