‘මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ගන්න අවශ්‍ය නෑ’ - කතානායක



 
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නොවුණු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශන ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඒ සඳහා අයිතියක් නැති බවත් කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.


බැඳුම්කර සිද්ධියේ දී මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෙළි කරන ලෙස පාර්ලිමේන්තුවේදී අද දිනයේත් උණුසුම් වාද විවාද පැවැත්වුණු අවස්ථාවේ දී මන්ත්‍රීවරයකු කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා එසේ පැවසීය.