‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන  කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

අදාල නිවාස වලට ගමන් කරන මාර්ග ඇතුළු සියලු තොරතුරු ඩ්‍රෝන කැමරා යවා ලබා ගෙන තිබෙන බව කී සභානායකවරයා මෙය ඉතා තියුණු සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක වූ කාරණයක් බව ද සඳහන් කළේය.

ගමේ අය නොව පිටින් පැමිණි  කණ්ඩායම් මේවා කළ බව කී සභානායකවරයා මේවා සොයන්නට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවද සඳහන් කළේය.

මේවා සොයන්නට මැදිහත් නොවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයත් අභාවයට පත් වී අරාජික රටක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.