‘මන්කාඩ් ක‍්‍රමයට’ මහේල දෙහිකපයි
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පෙරේදා පැවැති කොමන්වෙල්ත් බැංකු තුසලාන තරගයේදී ඉන්දීය ද`ග පන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් විසින් ශී‍්‍ර ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න දවාගත් ‘මන්කාඩ් ක‍්‍රමය’ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගුණධර්මවලට කිසි සේත්ම නොගැලපෙන බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.
තිරිමාන්න ලකුණු 44 ක් ලබා සිටියදී, පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර, පන්දුවර පහර නොදෙන අන්තයේ සීමාවෙන් ඉවතට පැමිණි හෙයින් පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු යැවීම නවතා ඔහුව දුවද්දී දවාගත්තේය. මෙය සම්පූර්ණයෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීතිවලට එක`ග නමුත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගුණධර්ම ගැන සලකා බැලූ පෝල් රයිෆල් සහ බිලී බවුඩන් යන විනිසුරුවරු දෙදෙනා අදාළ දැවීයාම සම්බන්ධයෙන් ඉන්දීය නායකයාගේ අදහස් විමසූහ.
එම අවස්ථාවේදී ඉන්දීය නායකයා වූ විරෙන්දර් සෙවැග් සහ සචින් තෙන්ඩුල්කාර් දෙදෙනාම දැවීයාමට අදාළ ඉල්ලීම ඉල්ලා අස්කරගත් හෙයින් තවදුරටත් පිටියේ රැුඳුණු තිරිමාන්න ලකුණු 62 ක් ලබාගනිමින් ලකුණු 289 ක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියේය. ඉන්දීය පිල තරගය පරාජය විය.
තිරිමාන්න තමාගේ සීමාවේ නොසිටි බව පිළිගන්නා නමුත් ශී‍්‍ර ලංකා නායකයා පවසන්නේ ‘මන්කාඞ්’ ක‍්‍රමයෙන් තිරිමාන්න දවාගැනීමට ගත් උත්සාහය වැරදි සහගත බවයි.
”අවංකවම මටත් හිතෙනවා අපේ මිනිහත් මේකට වැරදිකරුවෙක් කියලා. ඒත් කී‍්‍රඩාවේ ගුණධර්මවලට අනුව සෙවැග් කළේ (දැවීයාමට අදාළ ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීම) නිවැරදි දෙයයි” යයි මහේල ජයවර්ධන පැවසීය.
”මා නම් එහෙම කී‍්‍රඩා කරන්නේ නෑ. මා ඔහුට අවවාද කර, ඔහුව සීමාවේ තබාගන්න උත්සාහ කරනවා මිසක්, ඒත් එක සුළු සිද්ධියක්. අපි මෙතැන් සිට ඉදිරියට යා යුතුයි” යයිද මහේල පැවසීය.
ඉන්දීය පිලේ හිටපු නායකයකු වන විනෝ මන්කාඞ් විසින් 1947-48 තරගවාරයේදී ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවකු වන බිල් බ‍්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේදී දෙවරක්ම දවාගැනීම නිසා පන්දු යවන්නාගේ අන්තයේදී පිතිකරුවකු දවාගැනීම ‘මන්කාඩ්’ ක‍්‍රමය ලෙසින් හැඳින්වේ.

