(නිමල කොඩිතුවක්කු)
මද්‍රසා පාසැල්වල පරිපාලන කටයුතු වෙනත් පාර්ශවයක් වෙත පැවරීමේ උත්සාහයක් පවතින බව දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
වෙනත් පාර්හව වෙත පවරනවා වෙනුවට එම පාසැල් වල වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරිමට රජය වහාම කටයුතු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ සදහන් කළහ.
මද්‍රසා පාසැල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘මද්‍රසා පාසැල් පිළිබද වෙනම කමිටු පත් කරලා තර්ක විතර්ක කරලා පරීක්ෂණ සිදුකරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. කළ යුතු එකම දෙය තමයි ව්‍යවස්තානුකූලව මේ රටේ පුරවැසියන්ගේ අධ්‍යාපනය පිළිබද වගකීම දරණ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට මේ මද්‍රසා පාසල් පත් කළ යුතුයි.
අපේ රටේ අනිකුත් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන ලෙසටම අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති, රීති, රෙගුලාසි මත මද්‍රසා පාසැල් ක‍්‍රියාත්ම විය යුතුයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අධීකෂණයට, සහ නියාමනයට මේ පාසැල් පත්කිරීමට රජය වහාම පියවර ගත යුතුයි.
මේ වෙලාවේ කමිටු පත්කිරීම අනවශ්‍ය වැඩක්. මේ වෙලාවේ කමිටු පත්කර එහි භාරකාරිත්වය වෙනත් පිරිසකට පැවරීම හොරාගේ අම්මට හොරාගේ බඩු ටික දෙනවා වගේ වැඩක්. ඒ නිසා විධිමත් වැඩපිළිවෙළක් යටතේ මෙම පැසැල් ක‍්‍රියාත්මක විය යුතුයි’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

