‘මත්තලට වී ගබඩාවක් එපා‘


ගුවන් ගමන් ද නැති නිසා සුදු අලියකු වී ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගබඩාවක් මහ කන්නයේ වී ගබඩා කිරීමට නොගන්නැයි කියමින් සේවකයෝ පිරිසක් ද, ගැමියෝ පිරිසක් ද අද උද්ඝෝෂණයක් කළහ.

වී පටවා ගත් ලොරි තුනක් එහි ළඟා වී ඇතැයි ද ඔවුහු කියති.

මේ ගැන විමසීමට වී අලෙවි මණ්ඩලයේ සභාපති දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයේ මේ වෑයම හෙළා දකින බව කියයි. වී ගබඩා කිරීමට ඕනෑ තරම් ස්ථාන සොයා ගත හැකි බව ද ඔහු පවසයි.

s1[1] s2[1] s3[1] s4[1] s5[1]