‘මත්තලට ගුවන් යානා නෑ : වී ටිකවත් ගබඩා කරමු‘


‘වී ගබඩා කරන්න ඉඩ මදි වුණොත් මත්තල ගුවන් තොටුපොළේ වී ටික ගබඩා කරනවා. ගුවන් යානා යන්නේ නැත්නම් වී ටික දාමු. ඒකට කමක් නෑ නේද?  අපි මේ කන්නයට වී රුපියල් 50ට ගන්නවා. මට ඕනෑ ගමට උදව් කරන්නයි.‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (02) හසලක දී කීවේය.


 “අපේ බලාපොරොත්තුව මාස 60කින් අලුත් රටක් හදන්නයි. අපේ  රටේ ප්‍රධානම තැන දෙන්නේ  ආර්ථිකය දියුණු කරන්න. ගමේ ආර්ථිකය දියුණු කරනවා. මේ කන්නයටත් රුපියල් 50ට වී මිළ දී ගන්න දැන් සල්ලි වෙන් කරලා තියෙනවා. අපට ගබඩා පහසුකම් තියෙනවා. අඩුවක් වුණොත් මත්තල ගුවන් තොටුපළේ ශ්‍රි ලංකා  ගුවන්යානාවලට අයිති හැඟර් ඔක්කොගෙම ගිහින් වී ටික දාන්න කියලා කියනවා. කමක් නෑ නේද?  ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු.   මට ඕන වී ටික ගබඩා කර ගන්න. මට ඕනෑ ගමට උදව් කරන්න   . අපි පොකුරු ගම්මාන ඇති කරනවා. ආර්ථිකය දියුණු කරන්න ගමේ පාරවල් ටික හදලා දෙන්න, මේ ප්‍රදේශවල කුඩා වාරිමාර්ග හදලා දෙන්න අපි ක්‍රියා කරනවා.‘


ලක්ෂ්මන් කිරි ඇල්ල, රාවුෆ හකිම්,  ආනන්ද අලුත්ගමගේ, ගයන්ත දිසානායක  මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගී වූහ.

DSC09907 DSC099112 DSC0991124