‘මත්තල වී ගබඩා කරන්න යන්නේ ඉරිසියාවට’


හම්බන්තොට රජයේ වී ගබඩා වසා ඇඟළුම් කම්හල් දාපු එජාපය අද (13) මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට හදන බව හම්බන්තොට එ.ජ.නි.ස අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලුණුගම්වෙහෙරේ දී කීවේය.

ගොවියාගේ වී මිලදී ගන්නවා කිව්වට වී කිලෝවක් කීයටද මිල දී ගන්නනේ කියා කියන්නේ නැහැ. දැන් වී කිලෝ දෙකක් රුපියල් පනහයි. වී මිලදී ගන්න කිසිම වැඩපිළවෛලක් රජයට නැහැ. මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට සුදුසු දැයි පරීක්ෂා කරන ලෙසට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් හම්බන්තොට කලමණාකරුට ලිපියක් එවලා. මෙය වී මිලදී ගන්න නොවෙයි ගුවන් තොටුපළත් එක්ක තියන තරහට කරන වැඩක්. හම්බන්තොට සංවර්ධනය ඉවසා ගන්න බැරිවෙලා .

හම්බන්තොට  මෙවර මහ මැතිවරණයෙන් සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා.එය විඳ දරාගෙන ඉන්න බැරිව අද විවිධ මඩ ගහනවා. රනිල් වික්‍රමසිංහ එන රැස්වීම් වලට සෙනඟ නැහැ. රනිල්ට කේන්ති යනවා. තංගල්ල රැස්වීමට සෙනඟ හිටියේ නැහැ. රනිල් බාගෙට කථා කර රැස්වීමෙන් බැහැල ගියා.