හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්‍රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වුණා. පරිසරය නැසුණා. කැලෑව නැතිවුණා. ඒ කළ අය කවුදැයි මා නම් කියන්නේ නෑ. ඔවුන්ගේ සිත් රිදෙන නිසා. මෛත්‍රිපාල සිරිසේන ජනපති මැදිරිගිරිය වටදාගේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
‘ව්‍යාපාරිකයන් ජාවාරම්කරුවන් හා වැරදිකරන දේශපාලනඥයන් සමග මගේ ඇයි හොඳයියක් නෑ. මා කැමති වැරදි නොකරන අය සමග ගනුදෙනු කරන්නයි. යූඇන්පී ශ්‍රී ලංකා භේදයක් මට නෑ. කිසිම දේශපාලන බේදයක් නෑ. මා කාගෙත් ජනපති. වැරදි කරන අයට ආශිර්වාද කරන්නේ නෑ. ආශිර්වාද කරන්නේ හොඳ වැඩ කරන අයටයි. පරිසරය වනසන්න සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති මොනවාදැයි මා නම් කරන්නේ නෑ. ඒවා කළ අයගේ හිත් රිදෙන නිසා. ඔවුන් ඒ වැඩ කළේ පරිසරවේදීන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් හා අවවාද නොතකමිනි. එවැනි ව්‍යාපෘති වෙනස් කිරීමට හරි අමාරුයි. ඒක ලොකු ප්‍රශ්නයක්. මෑතදී යාපනයට යද්දී විල්පත්තුවට කර ඇති මහා විනාශය මම දැක්කා. ගිය රජයේ වැරදි තීරණයක් අනුවයි එය සිදුවී ඇත්තේ.‘












