නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලනඥයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (9) ජාඇළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක්වෙමින් පැවසීය.
විදේශ රටවලින් ලංකාවට එවන භාණ්ඩ සම්න්ධ වගකීම් දරන රජයේ දෙපාර්තමේන්තු දෙකක නිලධාරීන් පිරිසක් දීර්ඝකාලීනව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද ජනපති එහිදී කීවේය.
අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, ඒ.එච්.එම්.පවුසි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.






