‘මඩේ හිටවපු ඉනි අපේ පක්ෂයේ නෑ‘


‘මඩේ හිටවපු ඉන්න වගේ වැනෙන දේශපාලනඥයෝ අපේ පක්ෂයේ නෑ. අපි තීරණාත්මක අවස්ථාවලදී කෙලින් ඉන්නවා‘ යැයි ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවැති ජන රැලියකදී පැවසීය.

අභියෝගවලට හා තනියම තීන්දු ගැනීමට බය නැති බවත් සත්භාවයෙන් රට ගැන හා රටේ ජනතාව ගැන සිතන බවත් ෆොන්සේකා මහතා එහිදී කීවේය.