‘මට වැටුප් දුන්නේ ජනතාව : සියලු යුතුකම් ඉටු කරනවා‘


‘මම පළාත් සභාව නියෝජනය කළ වසර 22ක කාලයේ දී මට වැටුප් ඇතුළු සියලූ සම්පත් ලබා දුන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලූ යුතුකම් සැමදා නොපිරිහෙලා ඉටු කරනවා’ යැයි බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ ගම්පහ ඡන්දය ජයගත් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයට සමුදීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ 07, ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාල පරිශ‍්‍රයේ සංවිධානය කළ උපහාර උළෙල අමතමිනි.

පළාත් අධ්‍යාපන, රැකී රක්‍ෂා හා මිනිස්බල අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ප‍්‍රසන්න රණතුංග මහතා අතින් සිදුකෙරිණි.

බස්නාහිර පළාත් කාර්ය මණ්ඩලය තමන්ට දුන් හොඳම උපහාරය වන්නේ පළාත් සභාව තුළ කටයුතු කිරීමේ දී ලබාදුන් සහයෝගය බව කී ප‍්‍රසන්න රණතුංග මහතා එය කිසිදිනෙක අමතක නොකරන බව ද කීවේය.

PR_2015824pic1 PR_2015824Pic2 PR_2015824Pic3 PR_2015824Pic4